බේබද්දාගේ රාත්‍රිය




බේබද්දාගේ රාත්‍රිය 
දවසක් මම මහ  රෑ  බීල බීල බාර් එකෙන් අවේ දෙක හතරට පේන සයිස් එකෙන්.ටික දුරක් එනකොට මං වගේම තවත් පොරක් හතර අතේ අද්ද අද්ද  එනවා, මිනිහනම් මං  වගේ ගානට බොන්න දන්නේ නැති මහ බේබදු කාලකන්ණි මිනිහෙක් කියල මට ඒ වෙලාවේ හිතුන.

  හ්  හ් හලොව් මච්චාන්.

ම්  හලෝ ,

උම්ම්බ  කොහෙද මචං යන්නේ,

මම මේ වයිෆ් ලගේ ගෙදර යන ගමන්  ,

ඉඳපන් මාත් එනවා , මගේ ගේත් මේ ළඟ කොතැනක හරි තියෙන්නේ මචං ,යමන් මාත් එනවා උඹත් එක්ක.

 උඹ දන්නවද මම ඉතාලි ඉඳල අවේ පෙරෙයිද, මට සල්ලි තියනවා බල්ලන්ට කන්න.
 ඔහොම ලෝකේ නැති කොබෝ නයි ඇර  ඇර  සැහෙන දුරක් සිග් සැග්  ක්‍රමයට පාර ඒ  පැත්තට මේ පැත්තට මාරු වේවි අවා.

එකපාරටම පොර ලොකු ගේට්ටුවක් ගාව නතර උනා. තමුසේ දන්නවද මේ ගේ කාගේද කියල , මේක මගේ අයිසේ, මේ ගේට්ටුව බලනවා, මේකට මට රුපියල් ලක්ෂ පහක් ගියා,

අම්මපා, 

එනවකො යන්න ඇතුලට ,

මට යන්න පරක්කු උනත් මෙච්චර ලොකු ගෙදරකට ආයේ කවද යන්න ලබෙන්නද කියල මාත් ගියා ගේට්ටුව අරගෙන වත්ත ඇතුලට,

දන්නවද මේ දොර තනිකර තේක්ක, කැටයම් එක්ක ඕකට මට ගියා ලක්ෂ දෙකක්, ආ අර මගේ වෙහිකල් එක, ඒක ලක්ෂ අසුවක් වෙනවා. 

මගේ වෙරි හින්දුන වගේ තේරුණා. මෙච්චර සල්ලි තියෙන මිනිහෙක් අඳුර ගන්න ලැබුණු එකත් ලොකු දෙයක් කියල මට  හිතුන,

මිනිහ ප්‍රධාන  දොර ඇරගෙන ඇතුලට ගියා,මමත් මිනිහ පස්සෙන් ගියා,

තමුසේ දන්නවද මේ සෝපාව කීයද  කියල, කෙලින්ම ඉතාලියෙන් ගෙන්නුවේ,ලක්ෂ විසි දෙකක් උනා.
එනවකො යන්න තව තියෙනවා.

මේ තියෙන්නේ මගේ බෙඩ් රුම් එක,   

ෂා , නියමයිනේ ,කාමරේ නිකන් සාලෙක සයිස්, ඒසී දාල නිසා සීතලකුත් තියනවා,

ෂ් ෂ් ...කෑගහන්න එපා අයිසේ, අර මගේ වයිෆ් තාම නිදි,

එකනම් ඇත්ත , එත්.......... මචං කව්ද  අර උඹේ වයිෆ්ගේ එහා පැත්තෙන් නිදියගෙන ඉන්න කළු තඩි  මිනිහ,

සද්ද කරන්න එපා මිනිහෝ  , ඒ වෙනින් කව්රුවත් නෙවෙයි, ඒ තමා මං , 


ඇත්තටම, ඒ , ඒ,  තමුසේ වයිෆ් එක්ක නිදියගෙන ඉන්නකොට හෙන කළු තඩි මිනිහෙක්නේ ඔයි,


ෂ්  ෂ්  .....වයිෆ්ට ඇහැරෙයි ,මෙතනින් යන්. 
   

sloriginalsinhalajokes.blogspot.com

Post a Comment