කොමන් සෙන්ස්


කොමන් සෙන්ස්

වසක් මම සාමාන්‍ය දැනීම තරඟයකට ගියා. ඇවිල්ල ඉන්න ඔක්කොම හොඳ වැඩ්ඩො වගේ පෙනුනට මම තරං වැඩ්ඩෙක්  මෙතන නෑ කියල මට හිතුන.තරඟය අතරේදී මගේ වාරය අවා.අහපු සාමාන්‍ය දැනීම ප්‍රශ්න නම් මට නෝමල්.
1.    අපිට වැඩිම සේවයක් කරන්නේ ඉරද හඳද ?

හඳ

කොහොමද එහෙම වෙන්නේ?

හඳ  තමයි හොඳ, හඳ පෑව්වම රෑ කළුවර නැති වෙනවා,ඉරෙන් වැඩක් නෑ ,එක මේ පායන්නේ දවල්ටනේ.

2.   අපි හිතමු මිනිස්සු  අට දෙනෙක් එකතුවෙලා දවස් පහකින් තාප්පයක් හැදුව කියල , ඒ තාප්පේ හදන්න මිනිස්සු පස් දෙනෙකුට දවස් කීයක් යයිද?

විනාඩියක්වත් යන්නේ නෑ.

මොනවා , එහෙම කොහොමද වෙන්නේ?

අර අටදෙනා හදල ඉවර කරපු තාප්පේ , තව පස් දෙනෙක් මොනවා හදන්නද .

3.  මට කියන්න එහෙනම් ලෝකයේ ඉන්න දරුණුම සතුන් පස් දෙනෙක්ගේ නම්.

සිංහයෝ දෙන්නයි,කොටි තුන්දෙනයි.

4.  ගුවන් යානයක් තීන්ත අලේප කරන්න මිනිසුන් විසි දෙනෙකුට සතියකින් පුළුවන්, මිනිසුන් දහ දෙනෙකුට කොපමණ කාලයක් ගතවේද?

අය්යෝ මිනිස්සු දහය විස්ස ඕන නෑනේ, තනි මිනිහට එක විනාඩියෙන් පුළුවන්.

මොනවා....මොනවා ....  ඒ කොහොමද?

ප්ලේන් එක අහස උඩට උඩට උඩ .....ටම ගියාට පස්සේ ඇහැට පෙනෙන නොපෙනෙන සයිස් එකට ආවට පස්සේ පින්සල අරන් එක තීන්ත පාරෙන්ම ඉවර කරනවා.

5.  තමුන්ට ලෝක ප්‍රසිද්ධ මල මුහුද ගැන කියන්න පුළුවන් මොනවද?

අනේ සර් මම ඒක  මළා  කියල තියා අසනීපෙන් හිටිබවක් වත් දන්නේ නෑ .

6. එක්තරා ගැහැනියකට නිව්න් දරු උපතක් ලැබෙනවා.එයින් එක දරුවෙක් සුදු අතර අනෙක් දරුවා කළුම කලුයි. මේ වගේ දේකට  හේතුව කුමක්ද?

සුදුම සුදු ළමයා තමයි නියම ළමයා. අනිත් ළමයා කාබන් කොපිය.

7.  පුද්ගලයකු අවරුදු එකසිය විස්සක් ජීවත් උනානම් එහෙම ජීවත් වන්නට ඇත්තේ කුමන හේතු නිසාද?

මට හිතෙන්නේ අවරුදු එකසිය විස්සකට කලින් ඉපදුන නිසා වෙන්න ඕන.

8. මිනිසුන් පාර පනින කහ ඉරේ පාට කුමක්ද?

නිකන් කොළ පාටට හුරු නිල පාටක්.

9. රුපියල් හැටේ පාන් ගෙඩියක මිල කියද ?

රුපියල් තුනයි පනහක් විතර වෙයි.

10.  ගවයා ත ......කයි. යන්නට හිස් තැනට එන්නේ මුර්තජ   ණ යන්නද ධන්තජ න යන්නද?

නිකන්ම" න "යන්න.

වැරදියි.. වැරදියි ..  එක වැරදියි .ඒකට  එන්නේ මුර්තජ "ණ"  යන්න .

මොනා........ ඇයි  නිකන් නයන්න එන කොළ හරකට කන්න බැරිද? මුර්තජ තණ  විතරද හරකට කන්න පුළුවන්, මගේ උත්තර ඔක්කොම හරි. මට පළවෙනිය දෙන්නැතුව   ජිල්මාට් දාන්න  ආවොත් මරාගෙන මැරෙනවා මෙතන . කෝ දීපියව් මට මගේ තැන.

                                   එච්චරයි කිව්වේ. මාව සිකිරියුටි එකෙන් ඇවිත් බිම දාගෙන ඇදගෙන ගියා විතරයි මතක, සතියකින් ටිකට් කපන්න පුළුවන් කියල නර්ස් නෝනා කෙනෙකුට ලොකු දොස්තර මහත්තය කියනවා මට ඇහුන .

sloriginalsinhalajokes.blogspot.com

Post a Comment