අපාය අද්දර




අපාය අද්දර 
ටත් අපාය පැත්තේ රව්මක් යන්න සිද්ද උනා. අපායේ දොරටුව ගාව දොරටුපාලයෙක්  ඉන්නවා, අපාගත වෙන්න හේතුව අහල තමයි ට්‍රිට්මන්ට් වලට යවන්නේ. ළඟ ඉඳපු එකාගෙන් මම ඇහුව මොකක්ද මැරෙන්න හේතුව කියල , මිනිහ කිව්වා. අධික සීතලෙන් හා හුස්ම හිරවීමෙන් කියල. මාව  මැරෙන්න හේතුව ඇහුවම මම මගේ විස්තරය කියන්න පටන් ගත්තා,
මම රජයේ රැකියාවක් කරන විධායක ශ්‍රේණියේ  නිලධාරියෙක් . රැකියාවට පහසුවෙන්න මම ඇනෙක්ස් එකක් ගත්තා. ටික කලක් යනකොට මට මගේ බිරිඳ ගැන නොයෙක් කටකතා අහන්න ලැබුණ . එදත් මට කෝල් එකක් අවා. මම ටක් ගාල ගෙදර ආවා. එනකොට මට ගේ ඇතුලෙන් දෙන්නෙක් කතා කරනවා වගේ ඇහුන. මම දොරට ගැහුවා." එයි ගෑණියේ  දොර ඇරපන්" කියාගෙන මම දොරත් කඩාගෙන ඇතුලට ගියා.

ඇඳ පොල්ලක් අතට අරන් මම හැමතැනම හෙව්වා කතා කරකර ඉඳපු එකාව , මුළු ගේම පෙරලලා හෙව්වත් හම්බුනේ නෑ . අන්තිමේදී කාගෙවත් කීමට මගේ අහිංසක බිරිඳව සැකකලා නේදෝ කියල ඇතිවෙච්ච හිතේ අමාරුවට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් මාව මැරුණා ,
 ඒ එක්කම මගේ පිටිඅස්සේ ඉඳපු එකා මගේ කන ලඟට කරලා මෙහෙම කිව්වා.
                 චැ , තමුසේ එදා ෆ්‍රිජ් එක ඇරලා ඇරලා බැලුවනම්  අපි දෙන්නම අද ජීවතුන් අතර.


sloriginalsinhalajokes.blogspot.com


Post a Comment