තමුසේ දන්නවද මම කව්ද කියලා

තමුසේ දන්නවද මම කව්ද කියලා 

දවසක් මම වැඩකරන ඔෆිස් එකේ පොඩි උවමනාවකට ලොක්කගේ කැබින් එකට ගියා .ලොක්ක පෙන්න හිටියෙ  නෑ .  ඒ මදිවට ෆෝන් එක නද දෙනවා ඉවරයක් නෑ. වෙනදටත් ඔෆිස් එකේ ෆෝන් එකෙන් ලොක්ක නැති වෙලාවට ලොක්ක වගේ කතා කරලා තියෙන පුරුද්දට ඉස්සුවා ෆෝන් එක.
හෙලෝ ...  බණ්ඩාර ස්පීකින් ...

බණ්ඩාර , කව්ද මිනිහෝ ඔෆිස් එකේ තව බණ්ඩාර කෙනෙක් ඉන්නේ .

තමුසේ දන්නවද කාටද කතා කරන්නේ කියල , මම තමයි මේ කොම්පැනි එකේ ලොක්කා බණ්ඩාර ...

තමුසේ දන්නවද මම කව්ද කියල ?

නෑ  කව්ද තමුසේ ?

මම තමයි ඔයි බණ්ඩාර ,ඔය කොම්පැනි එකේ චෙයාර්මන් .  මගේ ඔෆිස් එකේ කව්ද එකෙක් හැමදාම මම විදිහට කතා කරනවා කියල මට කම්ප්ලේන් තියනවා. මම එක චෙක් කරන්න කතා කලේ.

ආ මේ බණ්ඩාර ද ?
තමුසේ දන්නවද එතකොට මම කව්ද කියල ?

නෑ , කියනවකො බලන්න දැනගන්නත් එක්ක තමුසේ කව්ද කියල .

එතකොට මම කව්ද කියල දන්නෑ. 

නෑ. 

හපෝ ඇති යන්තන් මං කව්ද කියල දන්නෑ,
මම හෙමිට ෆෝන් එක තියල මාරු උනා.

 sloriginalsinhalajokes.blogspot.com

Post a Comment