මං මැරෙන්නේ නෑ



                                           මං මැරෙන්නේ නෑ  


දවසක් මට මැරෙන්න  හිතුනා. වස බිව්වොත්  මැරෙනවා තමය් එත් රෝහලට හියහම බෙරගනීවි. ම් ම් ම්  එල්ලිලා මැරුනොත් මොකද? බෑ බෑ  කඹේ  කැඩුනොත් අතපය කඩාගෙන දුක් විඳින්න වෙනවා . හරි වතුරේ  ගිලිලා මැරෙනවා එතකොට ඉවරනේ ,එත් කව්රුහරි පීනලා ඇවිත් මාව බේරාගනී එතකොට මරෙන්න බැරිවෙනවනේ . වෙඩි තියාගෙන මැරෙනවා ඒක හොඳා වගේ . එත් වෙඩිල්ල වැරදුනොත් , මරණීය තුවාල එක්ක ජීවිතේ බේරුනොත් පොලිසියට කට උත්තර දෙන්න එපැය  ,පතුරම් කොඉන්ද  තුවක්කුව කොහෙන්ද , කලින් කාටද වෙඩි තිබ්බේ , මංකොල්ල වලට සම්බන්දද ........ හපෝඉ 
                                                                                    එකක්වත් හරියන්න අප්පා , හරි ඔය හතර විදිහම එකපාර කරනවා එක ක්‍රමයකින් හරි මැ රෙවිනේ . අර තියෙන්නේ මුහුදට පාත් උන පොල් ගහක් ,කඹේ එක්ක වස බෝතලේ, පිස්තොලේ අරන් නගින්න ඕන.  
                                                     තොන්ඩුව දාල ගහෙ ගැට ගැහුවා . හරි  එස්සේල්ලම වස බෝතලේ බොනවා ඊළඟට තොන්ඩුව දාගෙන පනින ගමන් වෙඩිතියගන්නවා  ඔය තුනේන්න්ම බේරුනත් මුහුදටනේ වැටෙන්නේ . කොහොමත් මැරෙනවා  හුරේ .........

බලන්නකෝ වෙච්චි වැඩේ !!

                              වස බෝතලේ බිව්වා, කඹේ තොන්ඩුව බෙල්ලට දාගෙන  පනින ගමන් වෙඩිතියා ගත්ත, කරුමෙට වෙඩිල්ල කඹේට  වැදුන කියහන්කෝ , කඹේ කඩාගෙන මුහුදට වැටිලා ලුණු වතුර පෙවිල ඔක්කොම වස ටික වමනේ ගියානේ අප්පා..ඒ එක්කම  ලොකු රැල්ලක් ඇවිත් මාව ගහගෙන වෙරලටම ආවනේ..    එත්  මම  මැරෙන අදහස අත් ඇරියෙ  නෑ , කොච්චියටවත් බෙල්ල තියනවා කියල ඊයේ හවස අපුගමන් කෝ මේ තාම කෝච්චියක් නැනේ අප්පා. අපරාදේ මට පෙරේදා එන්න තිබුනේ. එහෙමනම් මෙලහකටත් කෝච්චියක් ඇවිල්ල. කොහොද  වෙලාවට වැඩ , මේක සඳ ලන්කාවනේ අප්පා. 

                         ෂිට්.. මං යනවා යන්න ..............

                                                                   
       sloriginalsinhalajokes.blogspot.com/                                                             
                                       

Post a Comment