මම තාම හොයනවා .

                                     මම තාම හොයනවා.
 දවසක් මමත් නැවක නැගල චාරිකාවක් ගියා. එත් වැඩිදුරක් යන්න හම්බුනේ නැ. මුහුද රළු වෙලා , හුලං  තද වෙලා , මහා කලබලයක් ,දැන් නැව පැද්දෙනවා , උඩ යනවා  එක ජරමරයයි , එත් එක්කම නැවේ  වැට ලඟට වෙලා කුණාටුවේ අසිරිය බලන් හිටපු  කෙල්ලෙක් ලිස්සල මුහුදට වැටුන ,
                                           මේ දර්ශනය බලන්න සෙනග වට වෙලා මුහුණට මුහුණ බලන් කෑ  ගහනවා විතරයි. කව්රුවත් උදව් කරන්නේ නෑ . මගේ පපුව හෝස් ගෑවා , මම ඇස්දෙක පියාගත්තා.ඒ එක්කම මම කෙල්ල ගාව .  කොහොම හරි  බේරාගත්තා .  දැන් හැමෝම මට ප්‍රසංශා  මුඛයෙන්  කතා කරනවා. "ඔයා හරි නිර්භීත කොල්ලෙක්නේ" , කොහොම හරි කෙල්ලව බේර ගත්තා . කියල වැඩක් නෑ  පුතා ,ඔයා වගේ කොල්ලෝ තමා  මෙලෝකෙට ඕන , ඔය වගේ ඒවා අහල මගේ කන් දෙක පිරුන . මමත් ඉතින් කාගෙන හිටියා ,   මේ. ම....  මට  පි .... පීනන්න බෑ  කියල කව්රුත් දන්නේ නෑනේ , එකඊ  , හොඳ වෙලාවට කව්රුත් දැක්කේ නැත්තේ ,ඒ කෙල්ල තමා මාව බේරාගත්තේ කියල,
                                           ඒ කොහොම වෙතත් මම තාම හොයනවා මාව තල්ලු කරපු  එකා කව්ද කියල .
ඕකව මට අහු උනොත් අයෙත් නැවක එක්ක ගිහින් කුනාටුවක් එනකොට නැවේ වැට ගාව ඉන්න කෙල්ලෙක් වතුරට වැටුනම මමත් ඕකව තල්ලු කරනවා ...       අම්මපා !!!!!! 
                                         
 sloriginalsinhalajokes.blogspot.com

Post a Comment