මෝහිණී



මෝහිණී 

දවසක් හවස , මම ගමනක් ගිහින් එනකොට 'මගේ යාළුවො ටික සෙට් වෙලා ' ඉතින් මොකෝ වියදමක් යන එකක්යැයි හිමිහිට මමත් හේත්තු උනා. 

ආ මචන්ලා සෙට් වෙලා වගේ ?

(එතන හිටපු වචාලයෙක් නිකන් නොන්ඩියට වගේ )
නෑ, මේ අපි සෙට් උනා ,  

ලජ්ජා හිතෙන්න කලින් මං  ටක් ටක් ගාල දෙකක් නවාගත්ත, දැන් ගානක් නෑ , ලෝකේ නැති කතන්දර ,පච, නයි ,ඇරලා ඇරලා  අන්තිමට කාලින මාතෘකාවකට අවා .

මීටර් දෙසීයකට විතර එහායින් තියන කනත්ත ගාව මේ දවස්වල මෝහිණි  හොල්මන් කරනවලු. 
මමත් යන්න ඕන ඔය කනත්ත ගාවින් තමයි.

 කරටි කැඩෙන්න ඔන්න මෙන්න තියෙත්ද්දී බඩු ඉවර උනා. හරියටම රෑ දොළහ විතර ඇති.     චෑහැ , 
තව ටිකක් තිබ්බනම් බල්ලට මචං කියාගෙන අයිනකින් පොඩි ඇලට් එකක් දාන්න තිබුනා.

මම යන්න ලැහැස්ති වෙනකොට යාළුවො ටික ;;

දැන් යන්න එපා මචං ,මෝහිණී  ඇති සොහොන ගාව,

මෝහිණී , හ , අපේ ගෑණිත් යකින්නක් වගේ තමයි , ඔය මෝහිණී  මට නිකන් ටොයිස්, දන්නවනේඅයිය කව්ද කියල, 
මචන්න්ලා එහෙනම් පරිස්සමින්,,, ඔන්න මං  ගියා.

ඒ උනාට මචන් මෝහිණී දරුවා    ගන්න කිව්වොත් මොකද කරන්නේ , දුවල බේරෙන්න බැලූ,

දුවන්න, මේ මං , හ   දරුවා ගන්න කිව්වොත් ගන්නවා , හ්හ් මොකද කරන්නේ බලන්න,

එනං මචංලා මන් ගියා,  පරිස්සමින් පලයල්ලා ආ , 

සුදුපිරුවටයයි මංගල යානයි  ක් ක් කඳුලින් තේ ........   ආ .. කව්ද අතන සොහොන ළඟ,

අය්යේ මේ ළමයා පොඩ්ඩක් ගන්නවද. මට පොඩ්ඩක් පී කරලා එන්න, 

මොහොණි , දෙනවා මෙහාට ළමය , කෝ  ,....දෙනවා  හ්ම් .. මට මොනවද කරන්නේ බලන්න , 
මන් නම් බයවෙයි ,....................................

 ඔක්..  වමනේටත් එනවා අප්පා , බඩු කලවන්ද මන්ද ,  චැ  දැන් පයක් විතර උණා , කෝ මේ මෝහිණී ,
ළමය දීල ගියා ගියාමයි තාම නෑ , 

ලයිට් කනුව ගාව හන්ද හොඳයි, නැත්තං කට්ට කරුවල. හෑ ...... මොකක්ද මේ  දරුවාගේ කලිසමේ ගහල තියෙන කොළ කෑල්ල.  කෝ බලමු ,

අයියා ,
 මැද පෙරදිග ඉඳල ගිය මාසේ පැමිණි මට ලැබුණු බබා තමයි මේ, බබාව බාර දෙන්න කෙනෙක් නැති නිසාත් අද පාන්දර තියෙන ෆ්ලයිට් එකේ රට යාමට  තියෙන නිසාත් ,බබා සමඟ යාමට නොහැකි නිසාත් බබා ඔබට බාර කරමි ,බබාට පිං  පියෙකු වූ ඔබට පිං, 
තැන්ක්ස් 
මීට රෝහිණී

මට නිකන් කලන්තේ වගේ, මාව පොඩ්ඩක් අල්ලගන්නවද, නැත්තං වැටෙයි 

sloriginalsinahaljokes.blogspot.com

1 comments:

1xbet korean - Legalbet
1xbet korean. Sportsbook Review. septcasino Sportsbook Review. Top Sportsbook Promotions. 1xbet Get Bonus Offers, Mobile App, Payment 바카라 사이트 Methods.

Reply

Post a Comment