මම ලියපු පොත.

මම ලියපු පොත.

මම ඇවිල්ල ජනතා සම්මාන ගත්  ලේඛකයෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ . මම අලුතෙන්ම පටන් ගත්තා  මගේ ජීවිතකතාව ලියන්න.මම එක මාතෘකාව කරගත්තේ "මට වෙච්ච දේ " කියල. කුඩා කල සිට මගේ ජීවිතය තුල විඳි සියල්ල පොතක් තුල ගබඩා කරද්දී මට පුදුමාකාර සතුටක් දැනුනා.
                                    එත් හදිසියේම මගේ පොත කව්රුහරි උස්සල ,පැහැරගෙන ,සොරකම් කරගෙන ගිහින්. ඔහොම ටික දවසකට පස්සේ මම අයෙත් පොතක් ලියන්න ගත්තා "පොතට වෙච්ච දේ " කියලා. එපොත ලියාගෙන යද්දී ඒ පොතත් නැති උනා . මම හොයල හොයල කොහොම හරි පොත උස්සපු එකාව හොයාගත්තා . එත් ලියපු පොත් හොයාගන්න බැරි උනා .
                                       ටික දවසකට පස්සේ මම ආයෙත් පොතක් ලිව්වා ."පොත ගත්තු එකාට වෙච්ච දේ" කියල .හැබැයි  මේ පාර නම් පොත ලියල ඉවර කරා . කව්රුවත් ඉස්සුවේ නෑ .
                                       මම සන්තෝසෙන් මුහුරත් උලෙලෙක් සංවිදානය කරලා පොලිසියේ ඒ එස් පී  මහත්තයටත් ආරාධනා කරලා කුලුඳුලේම ඒ එස් පී  මහත්තයට පොත පිළිගැන්නුවා. එයා ඒක  ඉවර වෙනකම්ම කියවල මගේ ලඟට ආව. පොත ගැන ගුණකථන වරුසාවකට මමත් ලෑස්තිවෙලා හිටියේ .මමත් අතට ඇත දෙන්න ලෑස්තිවෙලා ඒ පැත්තට හැරුන විතරයි , ඒ එස් පී  මහත්තය කිව්වා ,
                      සාජන් මේ යකාට මාංචු දානවා මේ මිනීමැරුම ගැන  හොයාගන්න බැරුවයි මමත් හිටියේ,හෙටම  උසාවි දාල මරණ දඬුවම අරන්දෙනවා මේ මිනිහට , කියල,
බලන්නකෝ පොතකට ඇත්ත කතාවක් දාන්නම බෑනේ මේ කාලේ, බොරු නම් දාල බොරු සුරංගනා කතා විතරයි මිනිස්සුන්ට ඕන.  ඕක තමයි අද කලේ ඇත්තට තැනක් නෑ  කියන්නේ.    
                 බොරුද හා ....
                                       

sloriginalsinhalajokes.blogspot.com

                              

Post a Comment