මගේ වර තුන


මගේ වර තුන 


මම වැලිකතරේ  ඒ කිව්වේ (මැදපෙරදිගට  වෙන්න ) සහරා කාන්තාරේ වගේ රටකට රස්සාවක් හොයාගෙන ගියා.මට මෙහෙ රස්සා නිකන් ඇලජික් වගේ. මෙහේ මැනේජර් පොස්ට් නෑනේ අපි වගේ අට පාස් උපාධි කාරයින්ට ,
 එහෙට වැඩකාර කමට ගියාට මොකද, මෙහෙට මම ඔෆිස් මැනේජර් කෙනෙක්,  ඔහොම ඉන්න අතරේ මම ගියා ක්ෂේම භූමියක් බලන්න, යන අතරේ  ගුහාවක් තිබිල මහන්සි අරින්නත් එක්ක මම ගියා ඇතුලට ,  තැනක පොඩි පහනක් තියනවා දැකල කව්රුහරි මෙතන රැය පහන් කරලා තියනවා කියල මට හිතුන.
පහන අතට අරන් බලනකොට දුවිල්ල වැදිච්ච පරණ පිත්තල පානක්.කොයි  එකටත් පොඩ්ඩක් පිහදාල හොඳට බැලුව, පහන නරකම නෑ . පරණ බඩු කාරයෙකුට දීල යන්තම් බෙහෙත් කාලේ බෝතලයක් වත් ගන්න බැරුවයෑ , කියල හිතාගෙන තව ටිකක් පොලිෂ් වෙන්න තදින්ම පිහදැම්ම.

හත්වලාමයි!!!!!!
 හෙන දුමක්   පිටවුණා පහනේ කටින්.

හ්හැ ....මේක ඇලඩින් කාරයාගේ පහනවත්ද?

එකපාරටම විනිවිද පෙනෙන භූතයෙක් මතු උනා.

මම තමයි මේ පහනට අරක් ගත් භූතයා.

මාව මේ පහනෙන් බේර ගත්තට ඔබට මම වර තුනක් දෙනවා. 
තමාට කැමති ඕනෑම දෙයක් හිතාගෙන මේ  පොල් ගෙඩි එකට එක ගානේ වර තුනක් තමුන්ට ගන්න පුළුවන්, 
කියාගෙනම භූතයා අතුරුදහන් උනා.

හුරේ, වරේවා .... ම්ම්  මොනවද මුලින්ම ඉල්ලන්නේ, රත්තරං  ම්හු, විකුනන්න කරදරයි, අනික හොර හතුරොත් වැඩියි ,  ඉඩ කඩම්, එත්  නඩත්තු කරන්න කරදරයි, මොනවද? මොනවද?  


හපොයි........එකක්වත් ඔලුවට එන්නෑ ....  ඕන රෙද්දක් ....... කියාගෙනම ගැහුවා පොල්ගෙඩිය,  රෙදි රෙදි රෙදි ,බලන බලන හැම තැනම රෙදි.     විනාසයි!  මේ රෙදි විකුනන්න ගියොත් නාකි වෙනකම්ම රෙදි විකුණ විකුණ තමයි ඉන්න වෙන්නේ,  දැන් මොකෑ කරන්නේ . ගත්ත දෙවෙනි පොල් ගෙඩිය අතට,

හනේ මට එක රෙද්දක්වත් එපෝ කියාගෙන ගැහුවා පොලේ පොළොවේ.

හුටා ...ඉනේ තිබ්බ වස්තරෙත් අතුරුදහන්, මෙහෙව් රටක අමු නිර්වස්තරෙන් ඉඳල අහු උනොත් !!! එව්වා කපල කාක්කන්ට කන්න දාන නීති තියෙන රටක් නෙව මේක ,

දැන් මොනා කරන්නද ගත්ත අනෙක් පොලෙත් , ගැහුවා පොළොවේ මෙහෙම හිතාගෙන, මගේ තිබුණු වස්තරේ මට ආයේ ලැබිය, 

හ්ම්, දැන් හරි, ඔය ඉන්නේ කලින් හිටිය වගේම, 

 එත් හත් ඉලව්වේ  වරතුන......................................... පොල්  වල ගානේ හැටියට පොල් ගෙඩි තුන විකුණා ගත්තනම් සතියක් කන්න තිබ්බා,   චිකේ...  .... චික්. 

කමක් නෑ  , ඔටු පට්ටියේ කිනුතුල්ලෝ කඩන රස්සාව තාම මට තියනවනේ, එක නැති උනෙ නෑනේ, කියන චිත්තප්‍රිතිය  මට ඇතිඋනා, භුතය හම්බුනොත්   ඊළඟ පාරවත්  පොල්ගෙඩි හත අටක්  ඉල්ලගන්නවා  කියල හිතාගෙන මම කාන්තාරේ දිගේ ඔහේ ඇවිදගෙන ගියා..... 

 sloriginalsinhalajokes.blogspot.com

Post a Comment