ගණිත ගැටලුව

ගණිත ගැටලුව 
දවසක් මම සම්මුඛ පරීක්ෂණයකට පෙනී හිටියා . මානසික රෝහලේ දොස්තර මහත්මයා තියපු එකට තමයි සහභාගී උනේ .මගෙත් එක්ක තව තුන්දෙනෙක් හිටියා.අපි ඔක්කොමලව ගත්ත දැන් ඉස්සරහට , පලවෙනි කෙනාගෙන් ඇහුව 
  හා තමුන් කියනවා බලන්න තුන්වරක් තුන කීයද කියල .

තුන්සිය පනහයි .

ම්ම්. ඔහෙට තව සෑහෙන කාලයක් මෙහෙ නතර වෙලා ඉන්න වෙයි . නර්ස් මෙයාව වාට්ටුවට අරන් යන්න.

හා දැන් තමුසේ කියනවා බලන්න තුන්වරක් පහ කියද කියල .

අඟහරුවාදා .

තමුන්ටත් මෙහේ ස්ථිර පදිංචි කාරයෙක් උනහැකි . මෙයාවත් වාට්ටුවට යවන්න.

ඊළඟ කෙනා තමුසෙට වත් කියන්න පුලුවන්ද පස්වරක් පහ කීයද කියල .

පාන් භාගයයි .

හපෝ තමුසෙටනම් කවදාවත් මෙහෙන් යන්න වෙන්නෑ. 


ඊළඟට මම .    
 හ්ම් .. තමුසෙවත් කියනවා හය වරක් හය කීයද කියල .

තිස් හයයි ..

ගුඩ් ...නියමයි..... 

ෂ .... හරියටම කිව්වා. ඒ කියන්නේ තමුසෙට දැන් සනීපයි. (ඇති යාන්තන් මම බෙහෙත් කරලා එකෙක්වත් ගොඩ ගියා) මම තමුසෙව හෙටම ටිකට් කපල ගෙදර යවනවා.  
කොහොමද අයිසේ හරියටම උත්තරේ කිව්වේ.අපිටත් හොරෙන් චක්කරේ පාඩම් කරාද?

පිස්සුද ඩොක්ට. ඕක හරි ලේසි ගානක්නේ. මම කලේ කලින් එකා දීපු උත්තරේ තුන්සිය පනහ දෙවෙනි එකාගේ අඟහරුවදයින් බෙදල අනෙකාගේ පාන් බාගෙන් වැඩිකලා. එච්චරයි.

 මගේ උත්තරේ සැර  වැඩිද මන්ද. ඒ ඉන්ටර්විව් එකෙන් පස්සේ දොස්තර මහත්තයවත් මගේ වාට්ටුවේම ඇඩ්මිට් කළා.

දැන් ඩොක්ටර්ට අමාරු ගණන්, අහගන්නේ මගෙන්.  


sloriginalsinhalajokes.blogspot.com

Post a Comment