ප්‍රතිඋපකාරය




ප්‍රතිඋපකාරය 
මම පොඩිකාලේ අපේ ටීචර් කියල දුන්නා කතාවක්, දවසක් කුඹියෙක්  වතුරේ ගිලිලා ඉන්නකොට කරුණාවන්ත කොකෙක් කුඹියාව වතුරෙන් බේරලා ගොඩට ගත්තලු. කුම්බියා නොසෑහෙන්න ස්තුති කරලා ගියාලු.දවසක් මිනිහෙක් තුවක්කුවක් අරගෙන කුඹියාව බේරගත්ත කොකාට කොකා ගස්සන්න හැදුවලු.මේක දැකපු කුඹියා ටක්ගාල මිනිහගේ කකුල තදින් හැපුවලු. වේදනාවට මිනිහගේ ඉලක්කය වැරදිලා කොකා බේරිලා ගියාලු. ඔහොමලු කුඹියා කොකාට ප්‍රති උපකාර කලේ. 
  මේ කතාව මගේ හිතට තදින් වැදුනා.

දවසක් මම සෙල්ලම් කරනකොට දැක්කා කුඹියෙක්  වතුරේ වැටිලා ගිලෙනවා. මම ටක් ගලා කොලයක් කඩාගෙන කුඹියව ගොඩට අරන් දැම්මා. මගේ හිතටත් හරි සතුටුයි. ටික වෙලාවකින් බලනකොට මෙන්න අයෙත් අර කුඹියා වතුරේ වැටිලා. මම අයෙත් ගොඩට අරන් දැම්ම. ඔන්න මම දෙපාරක්ම කුඹියගේ ජීවිතය බේරුවා. මෙහෙම හිතල ආයේ බලන කොට කුඹියා  ආයෙත් වතුරේ. මම ආයෙත් කොලයක් කඩලා  කුඹියාව අරන් ගොඩට දැම්මා.දැන්නම් හරි.මම යන්න හදනකොට චුටි මුණු මුණු සද්දයක් ඇහුන. 

මම හොඳට කන්දීල බැලුව මොකක්ද ඒ කියලා,
 බැලින්නම් කුඹියා මොනවද කියනවා. මට එක තේරුනේ මෙහෙම, "අම්මප අදනං  මේ යකා මට  ටිකක් නාගන්නවත්  දෙන්නෑ  වගේ" කියල මාව හපන්න දූවගෙන අවා,
මම දුවල බේරුනේ. නැත්තං කුඹියා මට ප්‍රතිඋපකාර තාම කරනවා.

sloriginalsinhalajokes.blogspot.com

Post a Comment