අලුත් රස්සාව

අලුත් රස්සාව 

ස්සාවක් නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි අප්පා . දැන් වීදුරුවෙන් එකකුත්   හරි ගණන්නේ   . මම ඉතින් ඔන්න ජොබ් හොයල හොයල යාන්තන් සත්තු වත්ත සිංහලෙන් කියනවනම් zoo  එකේ සම්මුඛ පරීක්ෂණයකට ගියා.එකේදී මගෙන් ප්‍රශ්න ඇහුව ඇහිල්ලක් , එකකටවත් උත්තර දෙන්න බැරි උනා. අන්තිමට ඒගොල්ල උත්තර දීල, මට ප්‍රශ්න අහන්න කිව්වා. සුදුසුකම් හොයල බැරිම තැන මගෙන් ඇහුව රඟපාන්න පුලුවන්ද කියලා. මම ඉතින් වැඩිපුරම කරන්නේ රඟන එකනේ. ඒ නිසා මම කිව්වා පුළුවන් කියලා.

ඔන්න ඉතින් මට පහුවෙනිදම ඉඳල රස්සාව හම්බ උනා. මට කන්ගරුවෙක්ගේ හමකුයි ,පැන පැන යන්න කකුල් දෙකට හයි කරන ස්ප්‍රින් ගැජට් එකකුයි ලැබුන. ආයේ බලන්න එපැයි  ඇන්දම තනිකර කැන්ගරුව.මට තියෙන්නේ මිනිස්සු ටිකට් අරන් සත්තු බලන්න ආවම  එහෙට මෙහෙට පැන පැන ඉන්න එක විතරයි. වීදුරු දහයක විතර පඩියක් මට ලැබෙනවා.
 කකුල් දෙකට හයි කරපු ගැජට් එක දාගෙන පැන පැන යනකොට, මිනිස්සු ගොඩක් ඇවිල්ල බලන් ඉන්නකොට, මට නිකන් නළුවෙකුට ඇතිවෙන අභිමාන මෙව්වා එකක් දැනුන, මිනිස්සුන්ට පේන්නත් එක්ක මම ටිකක් වැඩිපුර උඩ පැන්න, උඩ පැන්න වැඩි උනාද මන්ද , මාව උඩින්ම ගිහින් සිංහ කුඩුවට වැටුනා.

සිංහයා හිමින් හිමින් මගේ පැත්තට එනවා මට පෙනුන, මාව වෙව්ලන්න ගත්ත.නිකං භය කියන වචනේත්  ගැලපෙන්නේ නෑ වගේ ඒ වෙලාවට .  මම කෑගැහුව  මාව බේරගනියෝ කියල , ඒ එක්කම අහල පුරුදු කටහඩකින්  මෙහෙම ඇහුන. කෑ ගහන්න එපා බුරුවො ඔහොම කෑගහුවොත් අපි දෙන්නගෙම රස්සාව ගහල යනව කියල.
  කතා කරන සිංහයෙක්, මම ටිකක් හොඳට බැලුව සිංහයා දිහා, සිංහයා මගේ ලඟට ඇවිත් වාඩිවෙලා ඔලුව යාන්තං  ගලවල පෙන්නුවා. 
 යකෝ සාලේ, මේ මාව ඉන්ටර්විව් කරපු සත්තු වත්තේ ලොක්ක නේද සිංහයාට ඇඳලා ඉන්නේ.

දැන්නම් මම මොනම සතෙකුටවත් භය නෑ . දැන් මගේ රස්සාව එක  එක සත්තුන්ට අඳින එක.
හෙට මට තියෙන්නේ මී හරකෙකුට අඳින්න , ලොක්ක නම් කිව්වා එකට අලුතෙන් හමක් පොරවන්න ඕන නෑ  නිකන් කුඩුවට වෙලා හිටියත් ඇති කියල. 

හෙට ලොක්ක කියපු විදිහට කරන්න ඕන ....  


sloriginalsinhalajokes.blogspot.com

Post a Comment